ෂැංගි ඩැන්ෂියා(Zhangye Danxia) ජාතික භූ විද්‍යා උද්‍යානය

ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා මගේ Blog එකට . ඉතින් අද අපි කතා කරන්න යන්නේ චීනයේ තියන ලස්සනම ලස්සන ප්‍රදේශයක් ගැන. ඒ තමයි ෂැංගි ඩැන්ෂියා(Zhangye Danxia)  ජාතික භූ විද්‍යා උද්‍යානය.


ෂැංගි ඩැන්ෂියා ජාතික භූ විද්‍යා උද්‍යානය චීනයේ ගන්සු පළාතේ කිලියන් කඳුකරයේ නැගෙනහිර කඳු පාමුල තමයි පිහිටලා තියෙන්නේ . 

ඩැන්ෂියා භූමි යනු සොබාදහමේ විශිෂ්ටතම නිර්මාණයකි. Zhangye Danxia භූ දර්ශනයේ විශාල රතු කඳු බෑවුම් ඇති අතර ඒවායින් බොහොමයක් මීටර් සිය ගණනක් උසින් යුක්ත වන අතර, නොයෙක් වර්ණයෙන් යුතු කඳු වැටි කඳු වැටි දක්නට ලැබෙනවා . මීට වසර මිලියන 540 කට පමණ පෙර මෙම ප්‍රදේශය සාගරයේ කොටසක් විදිහට තමයි තිබිලා තියෙන්නේ .විවිධ කාල පරිච්ෙඡ්ද තුළ, මඩ හා ගල් වල විවිධ ෆෙරස් ලුණු අඩංගු විවිධ අවසාදිත පාෂාණ නිර්මාණය වීම මගින් තමයි මේ ස්ථරවලට විවිධ වර්ණයන් ලැබිලා තියෙන්නේ .අවසාදිත පරිසරවල වෙනස්වීම් නිසා සෑදී ඇති අවසාදිත ස්ථර වල රතු, දම් රතු, කහ පැහැති කොළ, අළු කොළ සහ අළු යන විවිධ වර්ණ දක්නට හැකි අතර සෑම ස්ථරයක්ම සෑදීමට වසර දහස් ගණනක් ගත වෙලා තියනවා කියලා තමයි විද්‍යාඥයන්  පෙන්වා දෙන්නේ .මෙහි ඇති වර්ණවත් කඳු නිසාම මෙම ප්‍රදීශය Rainbow mountains නොහොත් දේදුණු කදුකරය ලෙසද හදුන්වනවා .සන්චාරකයන්ට මෙම භූමිය නැරඹීම සදහා මෙම භූමියේ වේදිකා ඉදි කරලා තියනවා. ප්‍රධාන වේදිකා 4 ක් ඇති අතර මෙම වේදිකා වෙනස් උසවල් වලින් යුක්තයි .නැරඹුම් වේදිකා හතර අතර දුර කිලෝමීටර් 8 ක් (සැතපුම් 5 ක්) වන අතර,  බස් රථ වලින් මේ අතර ගමන් කිරීමට පැය 2-3 ක් ගත වෙනවා .







(චායාරූප අන්තර්ජාලය ඇසුරිණි .)








Comments